FAST NEWS

24×7 Around the Globe

පාසල් වෙත ළමුන්ගේ පැමිණීමේ වර්ධනයක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසල්වල ආරක්‍ෂාව සහතික කර ඇතැයි ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික ගුවන් විදුලියට පැවසිය.
එබැවින් කටකතා සහ අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටී දරුවන්ව අධ්‍යාපන කටයුතු සදහා පාසල් වෙත යොමුකරන්නැයි ඔහු දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරයි.
අද (15) දිනයේදී ඌව පළාතේ පාසල්වලට දරුවන්ගේ පැමිණීම 70 % ක් පමණ වාර්තා වී තිබේ.
කොළඹ ප්‍රධාන පෙලේ පාසල් හැරුණුකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල සිසුන්ගේ පැමිණීමද යහපත් මට්ටමක පවතින බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.
කතෝලික පෞද්ගලික පාසල් විවෘත කිරීම එම පාසල්වල විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් සකස් කෙරෙන ආරක්‍ෂක වැඩපිළිවෙලකින් අනතුරුව සිදුකරන බව එම පාසල් සාමාන්‍යාධිකාරී අයිවන් පෙරේරා පියතුමා ජාතික ගුවන් විදුලියට පැවසීය.
නැගෙනහිර පළාතේ පාසල් සිසුන්ගේ පැමිණීම 40 % කට වඩා වැඩි බව පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ එම්.ටී.ඒ. නිෂාම් මහතා පවසයි.
උතුරු පළාතේ සිසුන්ගේ පැමිණිම 70 % කට ආසන්න මට්ටමේ පවතින බව එම පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ උදය කුමාර් මහතා සදහන් කළේය.