FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂක නිල ඇඳුමෙන් සිටි පුද්ගලයා සොයා පරීක්ෂණ අරඹයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – තුන්මෝදර ඇතිවූ කලබලකාරී අවස්ථාවේදී ආරක්ෂක අංශ අඳින ඇඳුමකට සමාන නිල ඇඳුමක් ඇඳගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් වන වීඩියෝ දර්ශනයක් මේ වන විට සමාජ මාධ්‍ය හරහා පැතිර යයි.
මේ සම්බන්ධයෙන් යුද හමුදාවේ අවධානය යොමුව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සදහන් කළේය.
එම පුද්ගලයා හඳුනා ගැනීම සදහා යුද හමුදාව මහජන සහාය ඉල්ලා සිටින අතර මේ පිළිබදව යුද හමුදා පොලිස් හේවා බළකායේ හදිසි ඇමතුම් අංක 0112514280 වෙත දැනුම් දෙන ලෙස හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
සිදුකරන පරීක්ෂණවලදී ඔහු ආරක්ෂක අංශ සාමාජිකයෙකු බවට තහවුරු වුවහොත් දැඩි විනය පියවර ගන්නා බවද බ්‍රිගේඩියර්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.