FAST NEWS

24×7 Around the Globe

නාමල් කුමාරව සී.අයි.ඩී යට භාර දෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
හෙතෙම ඊයේ (14) දිනයේදි වරකාපොල පොලිසියට පැමීණි අවස්ථාවේදි පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි.
එසේම අත්ඩංගුවට ගෙන සිටින මහසොහොන් බළකායේ ප‍්‍රධානී අමිත් වීරසිංහ, අද (14) දක්වා රිමාන්ඩ් බාරයට පත්කර ඇති බවත් පැවසේ.
නව සිංහලේ ජාතික සංවිධානයේ ප‍්‍රධානී ඩෑන් පි‍්‍රයසාද් මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය බාරයේ පසුවන බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජාතීන් අතර අසමගිය , වෛරය ඇතිවන ආකාරයේ, සහ මහජනයා භීතියට පත්වන ආකාරයේ අසත්‍ය තොරතුරු පතුරවන පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් මූලස්ථානය විසින් පිහිට වු විශේෂ පොලිස් ඒකකය විසින් මොවුන් පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි‍.