FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා භික්ෂූ විශ්වවිද්‍යාලය මැයි 20 ආරම්භ කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  වසා දමා තිබු අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු එළඹෙන මැයි 20 වෙනිදා සිට නැවත ආරම්භ කිරීමට එම විශ්වවිද්‍යාලයිය පාලනාධිකාරිය තීරණය කොට ඇත.
මේ අනුව අභ්‍යන්තර නේවාසික පහසුකම් හිමි සියලු ශිෂ්‍ය ස්වාමින් වහන්සේලාට මැයි මස 19 වෙනි දින සිට නේවාසිකාගාර වලට පැමිණීමට පහසුකම් සලසා ඇති බව එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී යු.ඩි.දොඩම්වල මහතා මාධ්‍ය වෙත පැවසිය.
එළඹෙන මැයි මස 20 වන දිනෙන් ආරම්භ වන සතිය අධ්‍යයන නිවාඩු කාලය වන අතර මැයි මස 29 වෙනිදා සිට 2017/2018 අධ්‍යයන වර්ෂයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් පැවැත්වෙන පළමු සමාසිකයේ සමාසිකාන්ත පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.