FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරයෙන් පසු පොදු ප්‍රවාහන සේවාවල අදායම අඩුවෙයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පොදු ප්‍රවාහන සේවා භාවිත කරන පුද්ගලයින් සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වී ඇති බවත් , දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම මිලියන 08 ක් දක්වා 50% කින් පමණ අඩු වී ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
සමාන්‍ය දිනකදී දුම්රිය දෙපාර්තමේන්තුව මිලියන 16 ක පමණ ආදායමක් ලැබූ බව ද ඔහු පැවසීය.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ දෛනික ආදායම ද රුපියල් මිලියන 25ත් 30ත් අතර ප්‍රමාණයකින් පහත වැටී ඇති බව එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොශාන් චන්ද්‍රසිරි මහතා සදහන් කළේය.
පෞද්ගලික බස් රථවලින් ලැබෙන දෛනික ආදායම මිලියන 75 ත් 80 ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස් ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේය.