FAST NEWS

24×7 Around the Globe

ජනපති අද (15) ආසියානු ශිෂ්ඨාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව අමතයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ බීජිංහිදී ආරම්භ වන ආසියානු ශිෂ්ඨාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (15) ඇමතීමට නියමිතයි.
‍ජනාධිපතිවරයා සහ චීන ජනාධිපති ෂී ජින් පිං අතර නිළ හමුවක් ඊයේ (14) චීන ජනාධිපති මන්දිරයේ පැවැත්වූ අතර , එහිදී පාස්කු ඉරිදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙන ඇති ආරක්ෂක විධිවිධාන පිළිබඳවද සාකච්ඡාවට ලක්ව ඇත.
මේ අතර, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ සංවර්ධනයට අදාළ ගිවිසුම් තුනකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ චීන රජය ඊයේ අත්සන් තැබිණි.
මේ අතර, ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ශ්‍රී ලංකාවට ඕනෑම සහයක් ලබාදෙන බවට චීන ජනපතිවරයා , ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත සහතික වී තිබේ.