(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ සහ පෙරේදා දිනවල වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශ වල මුස්ලිම් වෙළඳ සැල්වලට සහ පල්ලි වලට පහර දීම සම්පුර්නයෙන්ම හෙලා දකින බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පවසති.
අද කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මේ බව පැවසුවේය.
කිසියම් අන්තවාදී පිරිසක් විසින් මුස්ලිම් ව්‍යාපාරිකයින්ගේ කඩ සාප්පු ,දේවස්ථාන විනාශ කිරීම දේශපාලන කුමන්ත්‍රණයක් බව කාදිනල් හිමිපාණන් පෙන්වා දෙයි.
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වූ ඉත්තෑපානේ ධම්මාලංකාර හිමිපාණෝ පැවසුවේ, මෙවැනි ක්‍රියා සිදු කිරීමෙන් රට තුල සාමය සමගිය ස්ථාපිත කිරීමට බාධා ගෙනදෙන බවයි.








