FAST NEWS

24×7 Around the Globe

දිවුරුම් ප්‍රකාශ මත පදනම්ව වාහන පැවරීම තාවකාලිකව අත්හිටුවයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) –  භාවිත කරන ලද මෝටර් රථ වාහනයක් එක්දින සේවය යටතේ වෙනත් අයෙකුට පැවරීමේදී විකුණුම්කරු සහ ගැනුම්කරු යන දෙපාර්ශවයම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් විය යුතු බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරයි.
මීට අමතරව දිවුරුම් ප්‍රකාශ මත පදනම්ව වාහන පැවරීම සහ එක් දින සේවය යටතේ අස්ථානගත වූ රියදුරු බලපත්‍ර ලබා ගැනීම ද , තාවකාලිකව අත්හිටුවා ඇති බව ඔහු සඳහන් කළේය.