FAST NEWS

24×7 Around the Globe

පොලිස් ඇඳිරිනීතිය කඩ කළ 15 ක් අත්අඩංගුවට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පොලිස් ඇඳිරිනීතිය පැවැති අවස්ථාවේදී මාරවිල, නාත්තන්ඩිය, මහවැව, හත්තිනිය හා කටුනේරිය යන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථානවල සිටි 15 දෙනෙකු අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාරවිල පොලිසිය සදහන් කරයි.
මෙම සැකකරුවෝ මාරවිල පොලිස් වසම තුළ පදිංචිකරුවෝ වෙයි.
ඇඳීරිනීතිය ක්‍රියාත්මක වෙමින් තිබු අද පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා කාළය තුළදී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.