පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සිදු කෙරෙන මෙහෙයුම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ සුනඛයින් 215 දෙනෙකු පමණ මේ පරීක්ෂණ සඳහා යොදවාගෙන ඇති බව අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලාල් සෙනෙවිරත්න මහතා පවසයි.
ලාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ අපරාධ පරීක්ෂණ සුනඛයින් 85 දෙනෙකු සහ පුපුරණ ද්‍රව්‍ය සෙවීම සඳහා පුහුණු කළ සුනඛයින් 75 දෙනෙකු සිටින බවයි.
මෙම සුනඛයින්ගේ දායකත්වයෙන් පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගත බව පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
මිට අමතරව මහජනතාවට ජර්මන් ෂෙපර්ඩ්, රොක්වයලට්, ලැබ්රඩෝර් වැනි පෙළපතක් සහිත සුනඛයින් පොලිස් නිල සුනඛ කොට්ඨාශය වෙත පරිත්‍යාග කළ හැකි බව එහි අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලාල් සෙනෙවිරත්න පවසයි.
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෑත කාලසීමාවේ එවැනි සුනඛයින් 30 දෙනෙකු පමණ පරිත්‍යාග කර ඇති බවයි








