කෙසෙල්වත්ත ප්‍රදේශයේ කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් සිදුකළ වැටලීමකදී කංජිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 13යි මිලිග්‍රෑම් 80 ක් ,කඩුවක් සහ මිලි මීටර 9 වර්ගයේ ජීව උණ්ඩ 10 ක් සොයා ගෙන ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්දයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකක වැඩිදුර විමර්ශන සිදු කරයි.








