(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ සිදුවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කණස්සල්ල පළ කර තිබේ.
නොසන්සුන් වාතාවරණය හට ගැනීමත් සමග එය මැඩ පැවැත්වීමට කඩිනමින් ආරක්ෂක අංශ යෙදවීමට රජය ගත් පියවරත් මෙහිදී ඔවුන් විසින් අගය කොට ඇත.
රජය, විපක්ෂය ,සිවිල් සංවිධාන, ආරක්ෂක අංශ , සර්ව ආගමික කණ්ඩායම් සියල්ල එක්ව මෙම තත්ත්වය නතර කර ගැනීමට පියවර ගත යුතු බවත් ඔවුන් නිවේදනය කරයි.
එසේ නොවුණහොත් පවතින තත්වය උග්‍ර වනු ඇති බවටද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවයි.
මෙම සිදුවීම් සම්බන්ධයෙන් වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවා වරදකරුවන් වුවහොත් නීතිය උපරිමයෙන් ක්‍රියාවට නංවන ලෙසටද එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට දැනුම් දෙයි.










