(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගත් 50,000ක පමණ පිරිසක් වසර 5කට අධික කාලයක් සංවර්ධන නිලධාරීන් ලෙස බඳවාගත් 50,000ක පමණ පිරිසක් වසර 5කට අධික කාලයක් රාජකාරියේ නිරතව සිටියත් ඔවුන් මෙතෙක් ස්ථිර නොකිරීමට එරෙහිව වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරතවීමට තීරණය කළ බව ශී‍්‍ර ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මහතා මාධ්‍ය වෙත පැවසීය.
ඒ අනුව මෙහි මුල් පියවර ලෙස ගම්පෙරළිය වැනි සංවර්ධන කටයුතුවලින් ඉවත් වන බව ඒ මහතා කීය.
සංවර්ධන නිලධාරීන් ලෙස මේ වන විට 150,000 ක පමණ පිරිසක් රට පුරා සේවය කරන බවත්, මෙම පිරිස සංවර්ධන කටයුතු සඳහා සහභාගි වී සිටියත් චක‍්‍රලේඛයක් මගින් ඔවුන්ට නිසි රාජකාරී පවරා නොතිබීම ගැටලූවක් වී තිබෙන බවත් ඒ මහතා කීය.
පසුගිය රජය සමයේ සිදු කළ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පැනනැගී තිබෙන නීතිමය ගැටලූවලට සංවර්ධන නිලධාරීන්ද වග උත්තරකරුවන් වී සිටින බව කී ඒ මහතා වත්මන් රජය විසින් සිදු කරන කටයුතුවලට ද එවැනි ආකාරයේ ගැටලූ ඇතිවිය හැකි බව කීය.
එම නිසා සංවර්ධන නිලධාරීන්ට පැවරෙන රාජකාරී චක‍්‍රලේඛයක් මගින් ප‍්‍රකාශයට පත්කරන ලෙස ස්වදේශ කටයුවතු අමාත්‍යාංශ ලේකම්වරයා හමුවී ඉල්ලා සිටියද මේ වනතෙක් ඊට යහපත් ප‍්‍ර‍්‍රතිචාරයක් ලැබී නැතැයි ද ඒ මහතා වැඩිදුරටත් කීය.