FAST NEWS

24×7 Around the Globe

ලැජ්ජානැති දේශපාලන න්‍යායපත්‍රවලට හසුවෙන්න එපා – සංගක්කාර

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ අදහස් දක්වමින් කුමාර් සංගක්කාර සදහන් කර තිබුණේ මෙවැන්නක්.
“නවතින්න. හුස්මගන්න. හිතන්න. ඔබගේ ඇස් විවෘත කරන්න. අපි ප්‍රචණ්ඩත්වයට, වර්ගවාදයට, වෛරයට හා මැරකම්වලට පරාජය වුවහොත් අපිට අපේ රට අහිමිවෙනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස එකතුවන්න. සාමකාමීවන්න, අනෙකාව ආරක්ෂා කරන්න. ලැජ්ජානැති, බෙඳුණ දේශපාලන න්‍යායපත්‍රවලට හසුවෙන්න එපා. අපි භේදයන් ඉවත් කර එකට එක් ජාතියක් ලෙස නැගී සිටිමු.”