FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව තවත් වසර 05 කට LTTE තහනම් කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාව තවත් වසර 05 කට එල්.ටී.ටී.ඊ තහනම දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.
එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් 2014 වසරේදී නිකුත් කල නිවේදනය මේ අනුව තවත් වසර 05 කට මෙය බලපැවැත්වෙනු ඇත.
එල්.ටී.ටී.ඊ, තහනම දීර්ඝ කරමින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ එම සංවිධානය තවදුරටත් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට සහ එරට පුරවැසියන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන බවයි.
2009 වසරේදී එල්.ටී.ටී.ඊ පරාජය කරනු ලැබුවද ඔවුන් ඊලාම් සංකල්පයෙන් බැහැර නොවීම සැලකිල්ලට ගෙන ඉන්දියාව මෙම පියවර ගෙන තිබේ.