FAST NEWS

24×7 Around the Globe

අද (14) පස්වරුවේ ප්‍රදේශ කීපයකට වැසි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (14) බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අනිකුත් ප්‍රදේශවල පස්වරු 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි.
මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 25 – 35ත් පමණ වන බවත් දැනුම් දෙයි.
හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.