FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා ප්‍රහාරයේ රස පරීක්ෂක වාර්තාව මේ සතිය තුල.

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාර සඳහා ත්‍රස්ත කණ්ඩායම් භාවිත කළ පුපුරණ ද්‍රව්‍ය මොනවා ද යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව රජයේ රස පරීක්ෂක, ඒ. වැලිඅංග මහතා ප්‍රකාශ කළේය.
එම පරීක්ෂණ සඳහා පිපිරීම් සිදුවූ ස්ථානවලින් සාම්පල ලබාගෙන ඇති බවත් ඒ අනුව ත්‍රස්තවාදීන් පිපිරීම් සඳහා යොදා ගෙන ඇති පුපුරණ ද්‍රව්‍ය මොනවා ද යන්න මේ සතිය තුළ විමර්ශන කණ්ඩායම් වෙත වාර්තා කිරීමට පියවර ගන්නා බව හෙතෙම පැවසීය.
අප්‍රේල් 21 වනදා සිදුවූ ප්‍රහාර හා ඊට පසුව ඇතිවූ ප්‍රහාර සඳහා ත්‍රස්ත කණ්ඩායම් භාවිත කළ පුපුරණ ද්‍රව්‍ය මොනවා ද යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.