FAST NEWS

24×7 Around the Globe

රටේ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරන්නැයි අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට රටේ පවතින ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරන ‌ලෙසට අගමැතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ.
මෙම ප්‍රකාශය බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවලදී නිකුත් කරන ‌ලෙසත් ඔහු උපදෙස් ලබාදී තිබේ.
වෙසක් කාල සිමාවේදී අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට රජය සූදානම් බවත්, විහාරස්ථානවල තොරන් හා දන්සල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් නිකුත් කර තිබෙන නිවේදනය අනුව කටයුතු කරන බවත් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.
ථේරවාදී බුදුදහම ආරක්ෂාව වී තිබෙන්නේ ලංකාවේ බවත්, වෙසක් පොහොය සැමරීම පෘතුගීසින්ට පවා නතර කිරීමට නොහැකි වූ බවත් ඔහු පවසා සිටියේය.