FAST NEWS

24×7 Around the Globe

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය ප්‍රචාර කරන්නන්ට එරෙහිව විමර්ශන ඒකකයක්…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතින් අතර අසමගිය වෛරය ඇතිකරවන සහ මහජනතාව බියට පත්වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය කරන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීමේ අරමුණින් විශේෂ විමර්ශන ඒකකයක් පිහිටුවා ඇත.
පොලිස් මූලස්ථානයේදී අද (13) දිනයේ මෙම ඒකකය පිහිටවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර සදහන් කර සිටියේය.
සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයින් කවුරුන්ද යන්න ගැන සොයා බැලීම මෙම විමර්ශන ඒකකය මගින් සිදුකරනු ලබයි.
එමෙන්ම මෙවැනි අසත්‍ය ප්‍රචාර නිර්මාණය කර සමාජ මාධ්‍ය ජාලවලට මුදාහැරිම සහ එවැනි ප්‍රචාර අනෙක් පුද්ගලයින්ට යැවීම වරදක් වනවා. එලෙස කටයුතු සිදුකරනු ලබන පුද්ගලයින්ට එරෙහිව දැනට පවතින හදිසි අවස්ථා රේගුලාසි යටතේ නිතිය ක්‍රියාත්මක කිරීම මගින් වසර 3 සිට වසර 7 දක්වාද, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ජාත්‍යන්තර සම්මුති පනත යටතේ වසර 10 දක්වා සිර දඬුවම් නියම වන බව පොලිසිය පැවසීය.