FAST NEWS

24×7 Around the Globe

මැලේරියාව නැවත පැතිරයාමේ අවධානමක් – වෛද්‍ය අනිල් ජාසිංහ

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිසි පාලනයක් සිදු නොකළහොත් මැලේරියාව නැවත පැතිරයාමේ දැඩි අවධානමකට මුහුණ දී හැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අප්‍රේල් මස 25 වන දිනට යෙදී තිබූ ”මැලේරියාව යළි අපට එපා ”යන්න තේමාව මුල් කරගෙන ලෝක මැලේරියා දින සැමරීම නිමිත්තෙන් අද (13)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති වැඩමුළුවට සහභාගී වෙමිනි.

මෙම රෝගය නිසි විදියට පාලනය කළේ නැතිනම්ම් එය නැවත ඇති විය හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

මැලේරියාව ඇති රටවල සංචාරය යෙදෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර අරගෙන යන ලෙස විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියි.

වෛද්‍යවරයා පැවසුවේ මැලේරියාව නැවත පැතීරීයාමට ඇති අවධානම සහ ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන අපි සළකා බලන අතර ඉන්දියාව , දඹදිව වන්දනාවේ යන අය මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවයි.