FAST NEWS

24×7 Around the Globe

බගවන්තලාව තේ වත්තේ කාණුවක තිබී මළසිරුරක් හමුවේ.

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – වතු කම්කරුවෙකු විසින් කළ දැනුම්දීමකට අනුව අද (13) බගවන්තලාව ප්‍රදේශයේ තේ වත්තේ කාණුවක තිබී පුද්ගල මළ සිරුරක් සොයාගත් බව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බගවන්තලාව,කැම්පියන් වත්ත ඉහළ කොටසේ පදිංචි 60 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

එම පුද්ගලයා ඊයේ (12) පස්වරුවේ කර්කස්වොල් වතුයායේ ඥාතියෙකුගේ නිවසකට යන බව පවසමින් නිවසින් පිටත්ව ගොස් ඇත.

සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කරන බව බගවන්තලාවේ පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පවසයි.