(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පූඬළුඔය ප්රදේශයේ ත්රිරෝද රථ දෙකෙක් මුහුණට මුහුණ ගැටීමෙන් ඊයේ (12) තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ.
එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 16 හැවිරිදි තරුණියක් වන අතර මියගිය තරුණිය පැමිණි ත්රිරෝද රථයේ රියදුරු බීමතින් සිට බව පොලිසිය පවසයි.
අනතුරෙන් තුවාල ලැබූ අනෙක් දෙදෙනා කොත්මලේ ප්රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සඳහා ගම්පොළ මුලික රෝහලට මාරුකර යවා තිබේ.
රථයේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පොලිසිය වැඩිදුරටත් පවසයි.








