FAST NEWS

24×7 Around the Globe

දිවයිනට පැමිණි පලස්තීන ජාතිකයකු ආපසු හරවා යවයි..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ ගත් පලස්තීන ජාතිකයකු ආපසු හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළේ ආගමන විගමන නිලධාරීන් කටයුතු කර ඇත.
පලස්තීනයේ සිට අධ්‍යාපනය ලැබීමට ඉන්දියාවට පැමිණ ඇති බව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් සදහන් කර ඇත.
45 හැවිරිදි හෂීම් රමාදාන් නමැති එම පුද්ගලයා ඉන්දියාවේ සිට න්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඊයේ (10) ගුවන් තොටුපොළට පැමිණ ඇති අතර එහි නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී මතුවූ සැකයක් හේතුවෙන් එසේ හරවා යැවීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ නිලධාරියෙක් සදහන් කළේය.