FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ හා ඔහුගේ දියණියගේ ඩී.එන්.ඒ සාම්පල සසඳන්නැයි නියෝග..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ප්‍රහාරය එල්ල කරමීන් මීය ගියායැයි සැකසහිත ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ නායක ලෙස සැලකෙන මොහොමඩ් සහරාන්ගේ ඩීඑන්ඒ සාම්පල සමඟ ඔහුගේ දියණියගේ ලේ සාම්පල සසදා වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි රජයේ රස පරීක්ෂකවරයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (10) නියෝග කළේය.
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසු සොයාගත් සහරාන් හසීම්ගේ යැයි සැකකෙරන එම හිස කොටසේ ඩීඑන්ඒ සාම්පලමෙම පරීක්ෂණය සඳහා යොදා ගැනීමට නියමිතය.
එසේම දෙමටගොඩ ප්‍රදේශයේදී මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් පිපිරීමක් සිදුකළ නිවසේ තිබී අත්අඩංගුවට ගත් රත්තරන් බඩු සහ මැණික් සම්බන්ධව ලබාදුන් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්තාවට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද මැණික් ගල් තුනක වටිනාකම එක්කෝටි විසිපන්ලක්ෂයක් වන බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (10) අධිකරණය වෙත දැනුම් දුන්නේය.