FAST NEWS

24×7 Around the Globe

සිරිපා කරුණාව වෙසක් පොහොයෙන් අවසන් වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ශ්‍රී පාද වන්දනා සමය එළඹෙන වෙසක් පොහොයෙන් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරාධිපති සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් සදහන් කළහ.
උන්වහන්සේ මේ බව සදහන් කර සිටියේ සිරිපා වන්දනා සමය අවසන් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අද (10) පැවති රැස්වීමකදීයි.
ශ්‍රී පාදස්ථානය අවාරයේදී වන්දනා කිරීමෙන් වැලකී සිටින ලෙස ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් ඉල්ලීමක් ද කර තිබේ.
වෙසක් පොහොය යෙදී ඇති 19 වනදා ශ්‍රී පාද මලුවේ තැන්පත් කර ඇති සදාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ මාර්ග තුනක් ඔස්සේ පැල්මඩුල්ල රජමහා විහාරය දක්වා වැඩමවීමට සැලසුම් කර තිබෙනවා.
අනතුරුව එදින රාත්‍රී පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ තැන්පත් කරන දේව ප්‍රතිමාව සහ දේවාභරණ පසුදින අලුයම (20) රිය පෙරහරක් මගින් ගල්පොත්තාවල රජමහා විහාරස්ථානය දක්වා වැඩම කර ශ්‍රී පාද වන්දනා වාරය අවසන් කිරීමට නියමිතයි.