FAST NEWS

24×7 Around the Globe

කටාරයේ විශිෂ්ඨ ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාවට හිමිවෙයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – කටාර් රාජ්‍යයේ රැකියා සදහා ශ්‍රමිකයින් යොමුකරන රටවල් අතුරින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ කුසලතා අගයමින් විශිෂ්ඨ ප්‍රජාවට හිමි සම්මානය ශ්‍රී ලංකාව වෙත පිරිනැමීමට එරට පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
පසුගියදා යෙදී තිබුණු ජාත්‍යන්තර කම්කරු දිනයට සමගාමීව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
කටාර් රාජ්‍යයේ පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු ගරු අමාත්‍ය යුසෙෆ් බින් මොහොමඩ් අල් ඔත්මාන් ෆක්රූ (Yousuf Mohamed Al Othman Fakhroo) මහතා විසින් ප්‍රදානය කරන ලද මෙම සම්මානය කටාර්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු උපදේශක රසික ජයසිංහ මහතා වෙත ප්‍රදානය කර ඇත.
මෙහිදී ශ්‍රී ලංකා රජය විසින් ශ්‍රමිකයින් විදේශ රැකියා සදහා යොමු කිරීමේ ක්‍රමවේදය ඇගයීමට ද ලක්කර තිබේ.