FAST NEWS

24×7 Around the Globe

අතපසු වු සති දෙකක කාලය සඳහා හිලව් සැසි පවත්වන්නේ නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රටේ පැවති වාතාවරණය හේතුවෙන් පාසල් අධ්‍යයනය කටයුතු අතපසු වූ දෙවන වාරයේ සති දෙකක කාලය සඳහා හිලව් සැසි නොපවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමීන් පවසයි.
මේ වසරේ දෙවන වාරයට නියමිත ඉගෙනුම්, ඉගැන්වීම් සහ ඇගයීම් ක්‍රියාවලිය සාමාන්‍ය පරිදි සිදුකිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇති බවත් සඳහන්.
ඒ අනුව සියළු විෂය කරුණු ආවරණය වන පරිදි වාර සටහන් සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙසද දන්වා ඇති බව පැවසේ.
සිසුන්ගේ පැමිණීමේ යම් විෂමතාවක් මතු වුවද සාමාන්‍ය පරිදි කාලසටහන් අනුවම අධ්‍යයනය කටයුතු සිදුකරන ලෙස පාසල් ප්‍රජාව දැනුවත් කර ඇති බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.