FAST NEWS

24×7 Around the Globe

ලබන සදුදා සිට යළිත් විශ්ව විද්‍යාල කටයුතු ඇරඹෙයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන සඳුදායින් පසු විශ්ව විද්‍යාල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම තීරණය කර ඇත.
ආරක්ෂක අංශ ඇතුලු පාර්ශව කිහිපයක් සමග පැවති දීර්ඝ සාකච්ඡා මාලාවකින් පසුව එම තීරණය ගෙන තිබේ.
එක් එක් විශ්ව විද්‍යාල ආරම්භ කරන ආකාරය අදාළ උප කුලපතිවරුන් ප්‍රමුඛ පාලක සභාවලට පවරන බව එම කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් සිල්වා මහතා කියා සිටියේය.
එක් එක් විශ්ව විද්‍යාලයේ අධ්‍යයන සැලැස්ම හා ආරක්ෂක සැලැස්ම පදනම් කරගනිමින් ඉදිරියේදී අධ්‍යයන කටයුතු ආරම්භ විමට නියමිතයි.