FAST NEWS

24×7 Around the Globe

නව නීතිපති ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා දිව්රුම් දෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  නව නීතිපති ලෙස වැඩබලන නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මීට අමතරව අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතාත්, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස කේ.ජී අශෝකා අලවත්ත මහත්මියද අද (10) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගෙන තිබේ.