FAST NEWS

24×7 Around the Globe

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ධීවරයන්ටත් නව හැදුනුම්පතක්..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (09) පැවති ධීවර දෙපාර්තමේන්තු ප්‍රගති සමාලෝචන රැස්වීමේදී නව හැදුනුම්පතක් හදුන්වාදීමට සහ ධීවරයින්ගේ ඇගිලි සලකුණද ලබා ගැනීමට ධීවර හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ.
ජාතික ආරක්ෂාව තහවුරු කිරීම හා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම මෙහි අරමුණයි.
පළමු අදියරේදී බහුදින ධීවර යාත්‍රා 5000 ක ධීවරයින් 30000 කට අධික පිරිසකට මෙම හැදුනුම්පත නිකුත් කරනු ඇත.