FAST NEWS

24×7 Around the Globe

පාස්කු ප්‍රහාරයෙන් වන්දි පිරිනැමීම 90% කින් අවසන්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් මියගිය අය වෙනුවෙන් සහ තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් වන්දි පිරිනැමීම 90% කින් අවසන් බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.
ඉතිරි පිරිස් සඳහා ද හැකි ඉක්මණින් වන්දි ලබාදෙන බවත් හානියට පත් දේවස්ථාන කඩිනමින් නවීකරණය කිරීමට ද රජය පියවර ගෙන ඇති බවයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය.