FAST NEWS

24×7 Around the Globe

පාර්ලිමේන්තු දල සැලැස්මක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු අවසර පත්‍ර 06 ක් සමග බලන්ගොඩ, කිරිමැටිතැන්නේදී අත්අඩංගුවට ගත් සැකකරුව ලබන 23 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සැකකරු අද (09) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කරනු ලැබීය.
සැකකරු සන්තකයේ තිබී පාර්ලිමේන්තු මාර්ගයේ දල සැලැස්මක්, ජීව උණ්ඩ 02, සිම්කාඩ්පත් 13, ජංගම දුරකථන 03, බැංකු කිහිපයක ක්‍රෙඩිට් කාඩ්පත් කිහිපයක් සොයා ගැනුණි.
ඊට අමතරව සැකකරුගේ නිවසේ තිබූ කැබ් රථය පරීක්ෂා කිරීමේදී එහි ව්‍යාජ තහඩුවක් සකසා ඇති බවට ද පරීක්ෂණවලදී හෙළි වී තිබේ.