FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂක අංශ විසින් සොයාගනු ලබන කඩු, කිණිසි ඇතුළු ආයුධ පෙන්වීමෙන් වළකින්න…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිවයින පුරා සිදුවන සෝදිසි මෙහෙයුම්වලදී ආරක්ෂක අංශ විසින් සොයාගනු ලබන කඩු කිණිසි ඇතුලත් තියුණු ආයුද සහ වෙනත් අවි ආයුධ පිළිබඳව ඇතුලත් වීඩියෝ දර්ශන විකාශය කිරීමෙන් වළකින ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කලුවැව මහතා විසින් අද (09) සියලුම මාධ්‍ය ආයතන වෙත දැනුම්ී තිබේ.
ඔහුගේ උපදෙස්වලට අනුව එම වැටලීම්වල වීඩියෝ දර්ශන මාධ්‍ය ආයතන සතුව තිබුණද රජයේ ඉල්ලීම වන්නේ ඒවා විකාශය කිරීමෙන් වැළකී සිටින ලෙසයි.