FAST NEWS

24×7 Around the Globe

රයන් වැන්රෝයන් මුදා හැරේ..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාකදුරේ මදූෂ් සමග ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන දිවයිනට පිටුවහල් කිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සදහා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි රංගන ශිල්පී රයන් වැන්රෝයන් රුපියල් 4000 ක දඩයක් නියම කර නිදහස් කිරීමට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.
ඔහුට එරෙහිව ගංජා ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබුණි.