FAST NEWS

24×7 Around the Globe

දක්ෂිණ අධිවේගයේ සුඛෝපභෝගී බස් රථ වලට 50% ක සහනයක්..

(ෆාස්ට් නිව්ස්  – කොළඹ) – දක්ෂිණ අධිවේගි මාර්ගයේ ධාවනය කෙරෙන සුඛෝපභෝගී බස් රථ වලින් අය කෙරෙන දෛනික ගාස්තුව 50% කින් අඩු කිරිමට ජාතික ගමනාගමන කොමීෂන් සභාව තීරණය කර තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් එම බස් රථවලට දෛනික අදායම 20% කින් පමණ පහල වැටි ඇති බැවින් සහන දෙන්නැයි අන්තර් පළාත් බස් හිමීයන් කළ ඉල්ලීමක් අනුව මෙම සහනය හිමිව තිබේ.
ඒ අනුව මෙම සහනය අප්‍රේල් මස 21 වැනිදා සිය මැයි 21 වැනි දින දක්වා කාලය තුළ ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමීෂන් සභව පවසයි.