FAST NEWS

24×7 Around the Globe

මඩකලපු සරසවියේ කටයුතු උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට -ජනපති

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – මඩකලපුව විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගනිමින් එහි නීතිරීති අනුව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (08) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ පිරිස හමුවෙමින් අවධාරණය කළේය.
එහිදී එම විශ්වවිද්‍යාලය මඟින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ නොතබමින් සහ ඊට සපුරා විරුද්ධ වෙමින් ශ්‍රී ලංකා මාතෘ භූමිය වෙනුවෙන් වගකීම් ඉටුකරන ලෙස මෙහි දී රැස්ව සිටි තරුණ තරුණියන්ට පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉස්ලාමීය ආගමික නායකයන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව මුස්ලිම් ජනතාවගේ ගැටලු සඳහා ලබාදිය හැකි සියලු විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි.