FAST NEWS

24×7 Around the Globe

කැලණිය වෛද්‍ය පීඨය 14 වැනිදා විවෘත කෙරේ..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දිවයින තුළ උද්ගත වූ තත්ත්වය මත තාවකාලිකව වසා දැමූ කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ලබන 14 වැනිදා විවෘත කිරීමට තීරණය කර ඇති බව උපකුලපති මහාචාර්ය ඞී. එම්. සේමසිංහ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව එම පීඨයේ නේවාසිකාගාර පහසුකම් හිමි සියලූම සිසුන්ට 13 වැනිදා අදාළ නේවාසිකාගාර වෙත පැමිණෙන ලෙස දැනුම් දී ඇති බව හෙතෙම පැවසීය.
සෙසු පීඨ වෙසක් උළෙලින් පසු විවෘත කරන බවත් ආරක්ෂක අංශ සහභාගිත්වයෙන් විශ්වවිද්‍යාල ගොඩනැගිලි හා නේවාසිකාගාර ද පරීක්ෂාවට ලක් කර ඇතැයි උපකුලපතිවරයා කීවේය.