FAST NEWS

24×7 Around the Globe

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වක්‍රව සහය දැක්වූවන් සොයා විමර්ශනයක් ඇරඹේ..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලට වක්‍රව සම්බන්ධ වූවන් සොයා විමර්ශනයක් ආරම්භ කළ බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිළධාරියෙකු සදහන් කළේය.
සිද්ධියට ඍජුවම සම්බන්ධ වූවන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත් , එම සැකකරුවන්ගෙන් බෝම්බ පිපිරවීම්වලට වක්‍රව සම්බන්ධ වූවන් පිළිබඳව අනාවරණ කරගත හැකි බවත් ඔහු සදහන් කළේය.
මේ වනවිටත් ප්‍රහාරවලට සම්බන්ධ 56 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතර, තවත් පිරිසක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ පසුවෙයි.