FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සිව්වන සාකච්ඡාව අද(09)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පිහිටුවීමට නියමිත නව සන්ධානය පිළිබදව සාකච්ඡාවක් අද (09) විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීට පෙර අවස්ථා 03 කදී රැස්වී සාකච්ඡා කිරීම් සිදුකරනු ලැබීය.
ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල සහ හිටපු මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ද එක්ව සිටියහ.