FAST NEWS

24×7 Around the Globe

දහම් පාසල් විවෘත කරන දිනය නැවතත් කල් යයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රටේ පවතින තත්ත්වය හමුවේ වසා දැමුණු දහම් පාසල් නැවත විවෘත කරන දිනය යළිත් වරක් කල් දැමූ බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ලබන 12 වනදා දහම් පාසල් විවෘත කිරීමට නියමිතව තිබුනත් ඊයේ රැස්වූ බෞද්ධ උපදේශන කාරක සභාවේදී තීරණය කර ඇත්තේ, සියලු ම පාසල් විවෘත කිරීමෙන් පසු දහම් පාසල් විවෘත කිරීමටයි.