(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (09) දිනයේදී නැගෙනහිර පළාතේ සහ මන්නාරම, වවුනියා, මුලතිව්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයන්හි බොහෝ ස්ථානවල හෙට උණුසුම් කාලගුණයක් පවතින බැවින් වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ හේතුවෙන් විජලනය සහ ලවණ ඉවත්වීමෙන් මස්පිඩු පෙරළීම, අධික මහන්සිය මෙන්ම ආඝාත තත්ත්වයන්ද ඇතිවිය හැක.
එම නිසා ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.








