FAST NEWS

24×7 Around the Globe

තඹ කර්මාන්ත ශාලාවේ සැකකරුවන්ට ඇප දිම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගතකර සිටි වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සැකකරුවන් නව දෙනා ඇප මත මුදාහැරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් යම් දෝෂයක් සිදුව ඇත්දැයි සොයාබැලීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගැණුනු මෙම පුද්ගලයින් පසුව ඇප මත නිදහස් කිරිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (06)  දිනයේදි  කටයුතු කළේය.