FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට නිශාන්ත උළුගෙතැන්න මහතා..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය මැයි 04 වන දින සිට බලපැවැත්වෙන පරිදි නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් අදාළ පත්වීමේ ලිපිය රියර් අද්මිරාල් උළුගේතැන්න වෙත නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබුවේය.
රියර් අද්මිරාල් උළුගේතැන්න මහතා අවස්ථා කිහිපයකදිම ඉන්දියාව, බිත්‍රාන්‍ය, ඊශ්‍රාලය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලදී උසස් නාවික පුහුණු පාඨමාලාවන් හදාරා ඇති අතර, අවි කටයුතු පිලිබද විශේෂඥයකු ලෙස සැලකෙන ඔහු ඒ සඳහා වැඩිදුර පුහුණුව ඉන්දියාවේ කොචී හි පිහිටි අවි පාසලෙන් හදාරා ඇත.
ඔහු මව්බිම වෙනුවෙන් ඉටු කළ මෙහෙවර වෙනුවෙන් රණශූර පදක්කම දෙවතාවක් දිනා ගැනීමට සමත්ව තිබේ.
එතුමා විසින් දිනාගෙන ඇති අනෙකුත් පදක්කම් අතර විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම සහ උත්තම සේවා පදක්කම ඇතුළුව පූර්ණ භූමි පදක්කම, ශ්‍රී ලංකා සන්නද්ධ සේවා දීර්ඝ පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස සංග්‍රාම සමූහ සේවා පදක්කම, 50 වන නිදහස් සැමරුම් පදක්කම, ශ්‍රී ලංකා නාවික හමුදා 50 වන සංවත්සර පදක්කම සහ උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම් ද හිමි කර ගෙන ඇත.