FAST NEWS

24×7 Around the Globe

මත්තල විරෝධතාකරුවන්ට නොතීසි.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ බහලුම් ඒකකයේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් ඊයේ දින පැවැත්වූ විරෝධතාවට සම්බන්ධවූ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති විජිත උබේවර්ණ සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු සහ ගුවන් තොටුපළේ සේවයේ නියුතු සේවකයන් 02 කට තිස්සමහාරාම අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

එමෙන්ම ගුවන්තොටුපළ පාලන අධිකාරියේ කළමනාකරු සුසිල් කළංසූරිය, මත්තල ගුවන් තොටුපළ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ලක්ෂ්මන් ඉද්දමල්ගොඩ යන අයටද බාහිර පුද්ගලයන් ගුවන් තොටුපළට ඇතුළුවීමට ඉඩ සැලැස්වීම සහ ගුවන් තොටුපළ දෛනික කාර්යයට හා එහි පාලන ක්‍රියාවලි නිසි ලෙස ඉටුනොකිරීම සම්බන්ධයෙන් මෙසේ තිස්සමහාරාම අධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කර තිබේ.

මෙහි පරීක්ෂණ කටයුතු වැඩබලන තංගල්ල කොට්ඨාස භාර නිලධාරී සහකාර පොලිස් අධිකාරී සුදත් මාසිංහ යටතේ සිදුකෙරේ.