FAST NEWS

24×7 Around the Globe

හේමසිරිට හා පුජීත්ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට සහ  අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පුජීත් ජයසුන්දර මහතා ලබන 21 අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (08) නියෝග කර තිබේ.
පාස්තු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සමක් සම්බන්ධයෙන් විභාග කිරිමට මොවුන් දෙදෙනාට නොතීසි නිකුත් කර ඇති බව අප අධිකරණ වාර්තකරු කියයි.