FAST NEWS

24×7 Around the Globe

දුම්රිය මගීන්ගේ මලු පරීක්ෂාවට ගුවන් හමුදා හා පොලිස් නිල සුනඛයින්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රියේ ගමන් ගන්නා මගීන්ගේ සියලු ගමන් මලු පරීක්ෂා කිරීම සඳහා පුපුරණ ද්‍රව්‍ය හඳුනා ගැනීමට පුහුණුවක් ලත් නිල සුනඛයින් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
දුම්රිය ස්ථානවල පිවිසුම් දොරට අසල අනවශ්‍ය තදබදයක් ඇතිවීම වැළැක්වීම හා මගීන්ගේ ගමන් මලු කඩිනමින් පරීක්ෂා කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවත් , ඒ සඳහා ගුවන් හමුදාවෙන් හා පොලිස් විශේෂ කාර්ය බලකායෙන් ඉල්ලීම් කර ඇති බව ද සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
මේ අතර දුම්රිය ස්ථානල ආරක්ෂාව සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරීන්ට අමතරව සිවිල් ආරක්ෂක බලකා සෙබළුන් යෙදවීමට ද පියවර ගත් බව ඔහු සඳහන් කළේය.
දුම්රිය ආරක්ෂක නිලධාරීන් යොදවා දුර ගමන් සේවා දුම්රියවල ද හදිසි පරීක්ෂා කිරීම් සිදුකරන බවත් , සෑම දුම්රියක්ම ආවරණය වන පරිදි දුම්රිය මගී කමිටු පිහිටුවීට ද පියවර ගන්නා බවත් සාමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් සදහන් කළේය.