FAST NEWS

24×7 Around the Globe

ජාතික වෙසක් උත්සවය දින 02 කට සීමා කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර දින 05 ක් පුරාවට පැවැත්වීමට නියමිතව තිබූ ජාතික වෙසක් උත්සවය දින 02 කට සීමා කිරීමට රජය තීරණ කළ බව ගාමිණී ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා සදහන් කළේය.
ගාල්ල, තෙල්වත්ත, තොටගමුව රත්පත් රජමහා විහාරස්ථානයේදී මෙවර වෙසක් ජාතික උත්සවය පැවැත්වීමට කටයුතු යොදා ඇත.
වෙසක් පොහොය නිමිත්තෙන් තොරණ, දන්සල් ඇතුළු කටයුතු සංවිධාන කරන්නේ නම් ඒ සඳහා ආරක්ෂක අංශවල උපදෙස් ලබා ගත යුතු බව ද ඔහු සඳහන් කළේ ය.
උදාවී තිබෙන වාතාවරණය හේතුවෙන් ජාතික වෙසක් උත්සවය ප්‍රතිපත්ති හා ආමිස පූජාවන්ට මූලිකත්වය දෙමින් ඉතා චාම්ව පැවැත්වීමටත් රජය තීරණය කර තිබේ.
දිවයින පුරා විහාරස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඊයේ පස්වරුවේ රැස්වූ බෞද්ධ කටයුතු උපදේශක සභාවේදී සදහන් කර ඇත.