FAST NEWS

24×7 Around the Globe

තවුහිද් ජමාත් සැකරුවෙක් නිදහස් කිරිමට අල්ලස් දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – දැනට අත්අඩංගුවේ පසුවන ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ සැකකරුවකු නිදහස් කර දෙන ලෙස ඉල්ලා හොරොව්පතාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ 05 ක අල්ලස් මුදලක් දීමට තැත්කළ හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් ස්ථානාධිපතිවරයා විසින් අල්ලස් කොමිසමට කළ දැනුම් දීමක් මත රුපියල් ලක්ෂ දෙකහමාරක අත්තිකාරමක් දීමට තැත් කිරීමේදි මෙම සැකකරුව  එම කොමීසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසේ.
ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ සැකකරු මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේයි පසුවන අතර ඊට අදාළ නඩු විභාගය ලබන 14 වැනිදා සිදු කිරිමට නියමීතව තිබු බව පැවසේ.
එහිදී සැකකරු ඇප මත නිදහස් කරගැනීමට අවශ්‍ය සහය දෙන ලෙස ඉල්ලමින් මෙම අල්ලස් මුදල දීමට තැත් කර ඇති බව කියැවේ.
මෙම පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරයේ පසුවන ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ සැකකරුගේ ඥාතියකු බව අනාවරණය වි තිබේ.