FAST NEWS

24×7 Around the Globe

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අයදුම්කරුවන්ගෙන් ඉල්ලිමක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට කඩිනමින් අයදුම් කරන ලෙස මෙම වසරේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලට පෙනී සිටින අයදුම්කරුවන්ගෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර සිටියි.
අයදුම් කිරීමට පමා වුවහොත් ඔවුන්ට හැඳුනුම්පත් ලබා දීම දැඩි අභියෝගයක් විය හැකි බවද එම දෙපාර්තුමේන්තුව කියයි.
මෙවර විභාග අපේක්ෂකයින්ගෙන් සියයට 60 ක පමණ පිරිසක් පමණක් මේ වන විට අයදුම්පත් යොමු කර ඇති බවත් ඉන් සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් අසම්පුර්ණ ඒවා බව පවසයි.