(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද(07) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී නාලක ද සිල්වා මහතා ලබන 21 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව අප වාර්තාකරු පවසයි.








